සෙනුරට හයියක් වෙන්න අපි හැමෝම එකතුවෙමු

සෙනුරට හයියක් වෙන්න අපි හැමෝම එකතුවෙමු

0 LKR raised / 29,100 LKR

0%

0 Helped So Far

Senura Dilanka Silva

සෙනුරට හයියක් වෙන්න අපි හැමෝම එකතුවෙමු 

සෙනුර දිලංක කියන්නේ අපේ රටේ අතිදක්ෂ මේස පන්දු ක්‍රීඩකයෙක්, අවුරුදු 2ක් පිට පිට කනිෂ්ට මේස පන්දු ශුරතාවය දිනාගැනීමට ඔහු සමත් වුණා. ඒ විතරක් නෙමෙයි 2019 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ  ලෝකඩ පදක්කම දිනාගත් සෙනුර එම වසරේම දකුණු ආසියානු කනිෂ්ට ක්‍රීඩා උළෙලේ රන් පදක්කමට හිමිකම් කියනු ලබනවා.සෙනුරගේ පුහුණුකරු වන්නේ ඔහුගේම පියා ඒ දක්ෂ ජාතික තලයේ මේස පන්දු ක්‍රීඩකයෙකු වන ඉන්දික ප්‍රසාද් මහත්මා. සෙනුර කියන්නේ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙක් එවැනි ක්‍රීඩකයෙකුට අවශ්‍ය බොහෝ දේවල් තිබෙනවා, මේ වනවිට ඒ සියලු වියදම් දරන්නේ සෙනුරගේ පියා විසින්මයි නමුත් එය ඉතාමත් අසීරු කටයුත්තක් ඒ නිසාම ජාතික ඔලිම්පික් කමිටුවේ මගපෙන්වීම ඔස්සේ Crysbro ආයතනය විසින් ආරම්භ කරන ලද  Next Olympic Hope ශිෂ්‍යත්ව වැඩසටහනට සෙනුර ඇතුලත් කරගනු ලබනවා, මේ ශිෂ්‍යත්ව වැඩසටහන මගින් සෙනුරගේ සියළුම පෝෂණ අවශ්‍යතා මුල්‍යමය ආධාරයක් ලබාදෙනු ලබනවා ඒ වගේම සෙනුරට අත්‍යවශ්‍ය  ක්‍රීඩා  උපකරණ ලබාගැනීම සඳහා මහජනතාවගේ අවදානය යොමු කරවීමත් සිදුකරනු ලබනවා.

අපි හැමෝම දන්නවා ජාත්‍යන්තර තලය ජයගැනීමට සැරසෙන ක්‍රීඩකයෙකුට අවශ්‍යතා බොහොමයි, ඒ බොහෝ අවශ්‍යතා මිලෙන් අධිකයි සෙනුරලට ඒ සියලු වියදම් තනිව දරාගැනීමට අසීරුයි සෙනුර අපෙන් කල ඉල්ලීමට අනුව ඔහුට මේ මොහොතේ වැඩියෙන්ම අවශ්‍ය වී ඇත්තේ ක්‍රීඩා සපත්තු යුගලයක්, සෙනුර සතුව මේ වනවිට තිබෙන සපත්තු යුගලය ක්‍රීඩා පුහුණුවීම් වලට මෙන්ම තරඟ වලටද නිතර යොදාගන්නවා, ඉතිං ක්‍රීඩා තරඟවලට නවතම සපත්තු යුගලක අවශ්‍යතාවය ඔහුට තදින්ම දැනෙනවා. 

ඉතින් අපි හැමෝම එකතු වෙලා සෙනුරට හයියක් වෙමු සෙනුර කියන්නේ අපේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තුවක්. තම වයසටත් අභිබවමින් දක්ෂතා පෙන්වන සෙනුර මේ වනවිට  ඉදිරි වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 18න් පහල රන් පදක්කම දිනාගැනීමත් ආසියානු සහ  පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමටත් පුහුණුවීම් කටයුතු වල නිරතවෙමින් සිටිනවා 

ඔබ ඔබගේ මුදල් ආධාරය ලබාදිය යුත්තේ කෙසේද?

මෙය නරඹන්න  

සෙනුරට අවශ්‍ය වෙලා තිබෙන ක්‍රීඩා සපත්තු යුගලයේ  විස්තර මෙතන තියෙනවා.

  • Brand - Butterfly 
  • Size 42.5 or 43

සෙනුර ගැන තව විස්තර දැනගන්න ඕන කෙනෙක්ට, මේ අංකයට සම්බන්ධ වෙලා  ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවෙන් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.

Tel : + 94 11 268 4420