අමන්දිකාට හයියක් වෙන්න ඔබත් එකතු වෙන්න

අමන්දිකාට හයියක් වෙන්න ඔබත් එකතු වෙන්න

76,900 LKR raised / 319,600 LKR

24%

13 Helped So Far

Amandhika Amarasinghe

ඔලිම්පික් උණුසුමත් සමඟම  ක්‍රීඩා ලෝලීන්ගේ අවදානය මලල ක්‍රීඩාව වෙත යොමු වී තිබෙනවා, ශ්‍රී ලාංකික පදක්කම් බලාපොරොත්තු රැසක් මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කරත් ඒ සියල්ලන්ටම මුලික වටයේ තරඟ වලින් ඉවත්වීමට සිඳුවීම කණගාටුවට කරුණක්, නමුත් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් පිළිබඳව අපි සතුටට පත්වෙනවා, අනෙක් රටවල් වල තිබෙන තාක්ෂණය අපේ ක්‍රීඩකයන්ටත් තිබුනානම් පදක්කම් සිහිනය යථාර්තයක් කරගැනීමට හැකියාව තිබූ බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා.

Crysbro සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහන දියත් කරනු ලැබුවේ මේ හේතුව නිසාමයි, ක්‍රීඩකයෙකුට අවශ්‍ය සපත්තු යුගලක සිට මිල අධික තාක්ෂණික මෙවලමක් දක්වා වූ පහසුකම් මහජනතාවගේ උපකාරද ඇතිව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදීම අප වැඩසටහනේ අරමුණයි. මේ වැඩසටහනට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් අප වැඩසටහනෙන් හඳුන්වා දුන් තරුෂි කරුණාරත්න දියණියගේ සපත්තු යුගලය එක් දිනක් ඇතුලත මහජනතාවගේ උපකාර ඇතුව අයට සපයාදීමට හැකියාව ලැබීම අපට ඉමහත් සතුටක්. 

 

අද අපි ඔබ වෙත හඳුන්වා දෙන්නෙත් දක්ෂ ක්‍රීඩිකාවක් ඇය නමින් අමන්දිකා අමරසිංහ, ඇය ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් 2019 වසරේ ජාතික ශුරියයි, එමෙන්ම ශ්‍රී ලංකික ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර තරඟයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවටද හිමිකම් කියන්නේ ඇයයි ඒ 617.1ක ලකුණු ප්‍රමාණයක් ලබාගනිමින්. ඇය පිළිබඳව තවත් විශේෂ කරුණක් වන්නේ ඇයගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ඇයගේම පියා වීමයි, පුහුනුකරුවෙකුට වැය කිරීමට සිඳුවන අධික පිරිවැය නිසාම ගුරුවරයෙකු ලෙස කටයුතු කරන අයගේ පියා අන්තර්ජාලය හා වෙනත් පුහුකරුවන්ගේ අදහස් හා තාක්ෂණික උපදෙස් ඉගෙනගනිමින් ඒවා තම දියණියට පුහුනුකරවීමට අධික වෙහෙසක් ගන්නවා. මේ ඉසව්වේ ඔලිම්පික් පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලකුණු තත්වය හා අයගේ ලකුණු තත්වය අතර පවතින්නේ ඉතාමත් සුළු වෙනසක්. ඇයට මේ මොහොතේ අවශ්‍යව වී තිබෙන scatt උපකරණයක් ඇය සතුව තිබුණිනම් ඇයට එම ලකුණු සංඛ්‍යාව ද පහසුවෙන් ළඟාකර ගැනීමට හැකියාව තිබෙන බව ඔවුන් පවසනවා.

අමන්දිකාගේ ඉල්ලීම වන මේ scatt උපකරණය, ඇයගේ ඉලක්කය, හුස්ම ගැනීමේ රිද්මය හා ශරීරයේ ඉරියව්ව පවා නිවැරදිව හඳුනාගෙන ඒ අනුව ඇයගේ වැරදි හඳුනාගැනීමට උපකාරී වන අධි තාක්ෂණික මෙවලමක්. ඉතින් එවැනි උපකරණයක් ඉලක්කයට වෙඩිතැබීමේ ඉසව්වෙන් දස්කම් දක්වන ඇය වගේ ක්‍රීඩිකාවකට කොපමණ උදව්වක් පහසුවක් වේවිද යන්න ඔබට සිතාගැනීමට පුළුවන්.

අමන්දිකා මේ වනවිට පුහුණුවීම් කටයුතු වල නිරත වන්නේ තම නිවසේ වහලය මත සවි කරන ලද paper targets මගින්. ඉතින් අපි හැමෝම එකතුවෙලා අමන්දිකාට හයියක් වෙමු, නුදුරු අනාගතයේදීම ඔලිම්පික් පදක්කමකින් ලක්මවගේ ගෙල සැරසීම තමයි අමන්දිකාගේ එකම හීනෙ. අන්න ඒ දවස උදාවෙද්දී ඒ ගේන පදක්කමට අපිත් සාඩම්බර කොටස්කරුවෙක් වුණා කියන හැඟීම අපි හැමෝගෙම හිත්වල තියෙයි.

ඔබ ඔබගේ මුදල් ආධාරය ලබාදිය යුත්තේ කෙසේද?

මෙය නරඹන්න  

අමන්දිකා වගේම  උදව් අවශ්‍ය දක්ෂ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගොඩක් අපේ රටේ ඉන්නවා. Next Olympic Hope වැඩසටහනේ අරමුණ, ඒ හැමෝටම අපිට පුළුවන් උපරිම විදියට උදව් කරන එක. එහෙම උදව් අවශ්‍ය මලල ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට පුළුවන් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. තමන්ගේ තාරුණ්‍යය ක්‍රීඩාවට කැප කරලා රට වෙනුවෙන් වෙහෙසෙන ඔයාලව තනිකරන්න අපි සූදානම් නැහැ. 

අමන්දිකාට අවශ්‍ය වෙලා තිබෙන scatt උපකරණ යේ  විස්තර මෙතන තියෙනවා.

Website : https://www.scatt.com/

Product Details : 

  • Model - Scatt WS1
  • Distance to the target - from 5-10m's
  • For use - Indoor
  • Live firing - With Air Gun only
  • Optical sensor type - Wireless

අමන්දිකා ගැන තව විස්තර දැනගන්න ඕන කෙනෙක්ට, මේ අංකයට සම්බන්ධ වෙලා  ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවෙන් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.

Tel : + 94 11 268 4420